ජ්‍යෙෂ්ඨ පුරවැසි වෛද්‍ය සත්කාරක සේවා චීනය තවදුරටත් පුළුල් කරයි
2022-05-14 15:55:01
Share with:

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සපයා ඇති වෛද්‍ය සත්කාරක සේවා චීනය තවදුරටත් තහවුරු කරයි.

‘ 14වැනි පස් අවුරුදු ’ සමයේ, එනම් 2021 සිට 2025 වසර දක්වා කාලයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සැපයෙන වෛද්‍ය සත්කාරක සේවා අඛණ්ඩ ව තවදුරටත් ඉහළ මට්ටමකට රැගෙන යාමට චීනය පියවර ගෙන ඇත. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා වෛද්‍ය සම්පත් වැඩිදියුණු කිරීම, එම ක්ෂේත්‍රයේ නිරත සේවක සේවිකාවන්ගේ නිපුණතා නංවාලීම මෙන්ම වෛද්‍ය හා නඩත්තු සේවාවන්හි ශීඝ්‍ර සම්බන්ධීකරණය ද ඊට ඇතුළත් ය.

එමෙන් ම, ‘ 14වැනි පස් අවුරුදු ’ සමය තුළ, රාජ්‍ය නොවන සංවිධාන හා ආයතන මගින් සත්කාරක සේවා ස්ථාපනය මධ්‍යම රජය දිරිමත් කිරීම ද විශේෂත්වයකි. 2025 වසර වන විට, රට පුරා වැඩිහිටි සත්කාරක සේවා ආයතන වලින් සැපයෙන ඇඳන් අනුපාතය 55%ක් දක්වා වැඩි කිරීමට ද අපේක්ෂිතයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම