යුක්‍රේන ප්‍රශ්නයට අදාළව සහයෝගතා පැවැත්වීම පිළිබඳව, ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්වරුන් අතර හමුවක්
2022-05-13 14:22:42
Share with:

 යුක්‍රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් සහයෝගතා පැවැත්වීම පිළිබඳව, ඇමරිකානු ජාතිකාරක්ෂක ලේකම් Lloyd Austin මහතා සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් Ben Wallace මහතා අතර හමුවක් පැවැත්වේ.

එම හමුව පසුගියදා(11) පෙන්ටගනයේ දී පැවැත්විණ. යුක්‍රේනය වෙනුවෙන් අනිවාර්ය සහාය හා අනුබලය ලබාදීමට අඛණ්ඩව සමීප සහයෝගතා පවත්වන බව, එහිදී දෙරටේ ආරක්ෂක ලේකම්වරු පැවසූහ.

මේ අතර, යුක්‍රේනයේ ස්ථාවරය හේතුවෙන් දැනට යුක්‍රේන අර්බුදය සඳහා රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් නොපවතින බව එක්සත් ජාතීන්ගේ රුසියානු පළමු නියෝජ්‍ය නියෝජිතයා ඊයේ(12) පැවසීය.

නේටෝ රටවල් යුක්‍රේනයට අඛණ්ඩව අවි ආයුධ සැපයීම මෙන්ම රුසියාවේ දේශසීමා මායිම් ආසන්නව යුද අභ්‍යාස පැවැත්වීම, නේටෝ සංවිධානය හා රුසියාව අතර ඍජු ගැටුමක් හටගැනීමේ හැකියාව තවදුරටත් ඉහළ නැංවිය හැකි බව, රුසියානු ෆෙඩරල් ආරක්ෂක මණ්ඩලයේ උප සභාපති Dmitry Medvedev මහතා ඊයේ(12) ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම