රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කෙරේ
2022-05-13 10:01:49
Share with:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කරයි. වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ, ඊයේ (12) රාත්‍රියේ කොළඹ පිහිටි ජනාධිපති මන්දිරයේදීය.

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස අවස්ථා කිහිපයකදී කටයුතු කර ඇති අතර, ඔහු අවසන් වරට බලයට පත් වූයේ 2018 වසරේ දෙසැම්බර් මාසයේදීය.

ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික අර්බුදයකට මෙන්ම, එහි ප්‍රතිඵලයක් ලෙස සමාජ හා දේශපාලන අස්ථාවරත්වයට මුහුණ දී සිටින බවත්, නව සැලසුම් යෝජනා කර රට ඉදිරියට ගෙන යාමට නව අග්‍රාමාත්‍යවරයාට අවස්ථාව ලබාදෙන බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 11 වැනිදා රාත්‍රියේ ජාතිය අමතා කළ දේශනයකදී පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම