චීනයේ යුන් නැන් පළාතෙන් ශ්‍රී ලංකාවේ මිත්‍ර විහාරස්ථානවලට වියළි ආහාර මලු 2000ක්
2022-05-13 10:29:29
Share with:

චීනයේ යුන් නැන් පළාත ශ්‍රී ලංකාවේ මිත්‍ර විහාරස්ථානවලට වියළි ආහාර මලු 2000ක් පරිත්‍යාග කරයි.

එළඹෙන වෙසක් උත්සවය නිමිති කරගෙන, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenghong මහතා හා එම ආර්යාව, කැලණිය රජමහ විහාරයට හා නාවල විමල විහාරයට ගොස්, චීනයේ යුන් නැන් පළාත වෙනුවෙන් එම පරිත්‍යාග පිරිනමා තිබේ. එමගින් එම විහාරස්ථාන අවට සිටින දුගී පවුල් 2000 ක හදිසි ජීවන අවශ්‍යතා සපුරා ගැනිණ.

චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින්නේ වසර දහසකට වැඩි බෞද්ධ සම්බන්ධතා ඉතිහාසයක් බව Qi Zhenghong මහතා කියා සිටී. දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කර ගත වූ වසර 65 තුළ දෙරට ජනතාව සැමවිටම එකිනෙකාට සහය වෙමින්, දුක සැප දෙකෙහි රැඳී සිටිති. වර්තමානයේ ශ්‍රී ලංකාව අභියෝග හා දුෂ්කරතා රැසකට මුහුණ දී සිටී. චීනය අඛණ්ඩව ලාංකික ජනතාවට හැකි තරමින් උපකාර කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පවසා ඇත.

චීනයේ යුන් නැන් පළාත පරිත්‍යාග කළ ආහාර මලු දැඩි පීඩාවෙන් සිටින ජනතාවට විශාල සහනයක් බව කැලණිය හා විමල විහාරාස්ථානවල විහාරාධිපති හිමිවරු කියා සිටියහ. වියළි ආහාර පරිත්‍යාගය පිළිබඳව එම හිමිවරුන් චීන තානාපතිවරයා වෙත කෘතඥතාව පළ කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම