2022 චීන-යුරෝපා මානව හිමිකම් සාකච්ඡා සභාව සාර්ථකව පැවැත්වේ
2022-05-13 17:13:27
Share with:

2022 චීන-යුරෝපා මානව හිමිකම් සාකච්ඡා සභාව පැවැත්වේ.

චීන මානව හිමිකම් අධ්‍යයන සංගමය සහ ඔස්ට්‍රියානු-චීන මිත්‍ර සංගමය විසින් පවත්වන ලද "2022 චීන-යුරෝපා මානව හිමිකම් සාකච්ඡා සභාව" පසුගිය 10වැනිදා සාර්ථකව පැවැත්විණ.

මෙම සාකච්ඡා සභාව වෙනුවෙන් චීනයේ වුහාන් සහ ඔස්ට්‍රියාවේ වියානා යන නගරවල ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලා දෙකක් ස්ථාපිත කෙරිණ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ සහ චීනය, ඔස්ට්‍රියාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, හංගේරියාව, ඉතාලිය, ග්‍රීසිය හා ස්පාඤ්ඤය යනාදී රටවල මානව හිමිකම් ක්ෂේත්‍රයේ විශේෂඥයන් මෙන්ම විද්වත්හු 100කට අධික පිරිසක් එම සාකච්ඡාවට එක්වූහ. ඔවුහු මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරයෙන් විද්‍යා, තාක්ෂණ සහ මානව හිමිකම් සම්බන්ධයෙන් පොදුවේ සාකච්ඡා කළහ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම