විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද
2022-05-12 17:20:37
Share with:

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (12) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම ඊයේ (11) සූම් තාක්ෂණය ඔස්සේ පැවත්විණ. අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලය වහාම පත්කරන්නැයි ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දෙන ලෙස, එහිදී පක්ෂ නායකයන්, කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා විය.

මේ අතර,  මැයි 17 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමේ තීරණයෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ද කථානායකවරයා දැනුම් දී තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම