ගෝලීය නියඟය උග්‍ර වනු ඇති බවට අනතුරු ඇඟවීමක්
2022-05-12 10:30:20
Share with:

ගෝලීය නියඟය උග්‍ර වනු ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාව හෙළි වෙයි.

Côte d'Ivoire රාජ්‍යයේ අබිඩ්ජාන් නගරයේ පැවති කාන්තාරකරණය වැළැක්වීම හා පාලනය කිරීම පිළිබද එක්සත් ජාතීන්ගේ සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 15 වන රැස්වීමේදී නිකුත් කළ වාර්තාවට අනුව 2000 වසරේ සිට ගෝලීය නියං තත්ත්වයන් වාර්තාවීම සහ කාලසීමාව සියයට 29 කින් වැඩි වී ඇත. එම වාර්තාවට අනුව 1998 වසරේ සිට 2017 වසර දක්වා නියඟයන් මගින් සිදුවූ ගෝලීය ආර්ථික පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 124ක් දක්වා ළඟා වී ඇත.

කාන්තාරකරණය වැළැක්වීම හා පාලනය කිරීම පිළිබද එක්සත් ජාතීන්ගේ සම්මුතියේ විධායක ලේකම් ඊබ්‍රාහිම් තියෝ මහතා ඊයේ(11)පැවසුවේ නියඟය තිරසර සංවර්ධනයට විශාලතම තර්ජනවලින් එකක් වන අතර එය සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් නොව සංවර්ධිත රටවලට ඇති කරන බලපෑම් ක්‍රමයෙන් වැඩි වන බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම