අල් ජසීරා මාධ්‍යවේදිනියගේ මරණය පිළිඳව ස්වාධීන හා විනිවිද පෙනෙන පරීක්ෂණ පවත්වන ලෙසට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක්
2022-05-12 10:17:38
Share with:

අල් ජසීරා මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනියක් ප්‍රහාරයට ලක්ව මරණයට පත් වීම පිළිඳව ස්වාධීන හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වන ලෙසට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඉල්ලා සිටී.

මිය ගිය පලස්තීන-ඇමරිකානු මාධ්‍යවේදිනි Shirin Abu Aqleh මහත්මියගේ පවුලේ සාමාජිකයන් වෙත එක්සත් ජාතීන්ගේ මහ ලේකම්  António Guterres මහතා ඊයේ (11) නිවේදනයක් මගින් සිය ශෝකය ප්‍රකාශ කළේය. අදාළ ආයතන එම සිද්ධිය පිළිබඳව ස්වාධීන හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්‍‍ට නිසි දඬුවම් පැමිණවිය යුතු බව ද හෙතෙම පැවසීය. 

මාධ්‍යවේදීන්ට පහරදීම සහ ඝාතනය කිරීම හෙතෙම හෙළා දැක ති‍බේ. මාධ්‍යවේදීන් කිසිවිටෙකත් ප්‍රචණ්ඩත්වයේ ඉලක්කය නොවිය යුතු බව මහ ලේකම්වරයා අවධාරණය කළේය. සාමය, යුක්තිය සහ තිරසර සංවර්ධනයට මාධ්‍ය නිදහස ඉතාමත් වැදගත් බව António Guterres මහතා යළි පෙන්වා දුන්නේය.  


ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම