චීන ආර්ථිකයට ස්ථිර අඩිතාලමක් දැමූ දශකය
2022-05-12 11:08:49
Share with:

  

 චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් පසුව රටේ ආර්ථික ධාරිතාව ලෝකයේ ආර්ථිකයෙන් ගන්නා අනුපාතය සියයට 11.4ක සිට සියයට 18ක් දක්වා ඉහල ගොස් ඇත.

‘චීනයේ මේ දශකය’ මැයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ අද(12) පැවති මාධ්‍ය හමුවේදී ඒ බව හෙළි විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනය පවත්වා ගත වූ දශකය තුළ, රටේ ආර්ථික හැකියාව විශාල දියුණුවක් ලබා ගෙන ඇත. වසර 2021 චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 114ක් දක්වා ඉහල ගොස් තිබිණ. චීන ආර්ථික ධාරිතාව ගෝලීය ආර්ථිකයෙන් ගන්නා අනුපාතය,  2012 වසරේ පැවති සියයට 11.4ක සිට සියයට 18කට වැඩි මට්ටමක් දක්වා ඉහළයාමත් සමග ලොව දෙවැනි විශාලතම ආර්ථික රට පිළිබඳ චීනයේ ස්ථානය තහවුරු විය. ඒකපුද්ගල දළදේශීය නිෂ්පාදිත වටිනාකම ඇ.ඩො. දොලොස් දහස් පන්සියයක් දක්වා වැඩි වූ අතර එය ඉහල ආදායම් රටවල තත්ත්වයට ආසන්න අගයකි. මෑත වසර වල චීනය ලෝක ආර්ථිකයට ලබා දුන් දායකත්වය සියයට 30ක මට්ටමක පවතින අතර එය විශාලතම වර්ධන එංජිමක් සහිත රටක පිළිබිඹුවකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම