චීන ජනපතිගෙන් පිලිපීන නව ජනපතිට සුබ පැතුම්
2022-05-12 15:46:31
Share with:

        චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පිලිපීනයේ  ජනාධිපති ධුරයට තේරී පත් වූ Ferdinand  Marcos මහතා වෙත සුබ පතයි.

        ෂී ජින් පිං ජනාධිපතිවරයා එම සුබපැතුම් පණිවිඩය Ferdinand  Marcos මහතා වෙත ඊයේ (11)  යොමු කර තිබේ. සුහද අසල්වැසි රටවල් දෙකක් වශයෙන් චීනය හා පිලිපීනය ද්විපාර්ශ්වික සම්බන්ධතා අඛණ්ඩව වර්ධනය කරන බවත්, එය දෙරටේ ජනතාවට මෙන් ම කලාපීය සාමය හා ස්ථාවරත්වයට ද සෙත සලසා දී ඇති බවත්, ෂී ජින් පිං මහතා සුබපැතුම් පණිවිඩයෙන් සඳහන් කරයි. වත්මන් කාලයේ චීන- පිලිපීන සබඳතාවට වැදගත් වර්ධන අවස්ථාවන් හා පුළුල් අපෙක්ෂාවන් හිමි වේ. Ferdinand Marcos මහතා සමග එක් ව ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් ඉදිරියට ගෙන යාමට කැමති බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම