නව අගමැති සහ ඇමති මණ්ඩලය පත්කිරීම මේ සතියේ
2022-05-12 16:36:47
Share with:

පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත් මෙන්ම රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කරගත හැකි අයෙකු මේ සතියේ අග්‍රාමාත්‍ය ධුරයට පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. නව ඇමති මණ්ඩලයද මේ සතියේ පත්කිරීමට පියවර ගැනේ. ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ ඊයේ(11) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අගමැතිවරයාට නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කර රට පෙරට ගෙනයාමට අවස්ථාව සලසා දෙන බව ද හෙතෙම පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ අන්තර්ගත කරුණු පාර්ලිමේන්තුවට වැඩි බලතල ලැබෙන ආකාරයට බලාත්මක වනපරිදි ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බවද ජනාධිපතිවරයා කියාසිටියේය.

මේ අතර, අත්‍යවශ්‍ය සේවා සැපයීම, පවත්වාගෙන යාම සහ සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු සහ අතිරේක කොමසාරිස්වරු දෙදෙනෙකු පත් කරනු ලැබ තිබේ. ඒ, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම