පාකිස්ථානය සමඟ එක්ව දෙරටේ සබඳතාව විනාශ කරන සියළු කුමන්ත්‍රණයන්ට එරෙහිව ක්‍රියා කිරීමට චීනය සූදානම්
2022-05-12 10:35:00
Share with:

පාකිස්ථානය සමඟ එක්ව දෙරටේ සබඳතාව විනාශ කරන සියළු කුමන්ත්‍රණයන්ට එරෙහිව ක්‍රියා කිරීමට චීනය සූදානමින් සිටී.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා සහ පාකිස්ථාන විදේශ අමාත්‍ය Bilawal Bhutto Zardari මහතා අතර  වීඩියෝ හමුවක් ඊයේ (11)  පැවැත්විණ. පාකිස්ථාන නව රජය ඒකාබද්ධ රජයක් වන අතර කවර හෝ පක්ෂයක් චීන-පාකිස්ථාන මිත්‍රත්වයේ සක්‍රීය පාර්ශ්වයන් බවත් එම සබඳතාව ස්ථීරව සුරකින බවත් වං යී මහතා පැවසීය.රටේ සංවර්ධනය හා ජාතික පුනරුත්ථාපනය වෙනුවෙන් පාකිස්ථානයට ස්ථීර ලෙස අනුබල දෙමින් චීනය චීන-පාකිස්ථාන සබඳතාව විනාශ කරන කවරාකාරයේ හෝ කුමන්ත්‍රණයකට එරෙහිව චීනය පහාර දෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කර ඇත.

ඕනෑම ආකාරයේ අසීරුතාවන් හා අභියෝගයන් මගින් චීන -පාකිස්ථාන මිත්‍රත්වය විනාශ කළ නොහැකි බව Bilawal Bhutto Zardari මහතා ප්‍රකාශ කළේය. එකම චීනය පිළිබඳ ප්‍රතිපත්තිය අනුගමනය කරන පාකිස්ථානය දෙරටේ ආර්ථීක සහයෝගිතාව ව්‍යාප්ත කර පාකිස්ථාන- චීන ආර්ථීක කොරිඩෝවේ සංවර්ධනයෙන් වඩාත් වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා  කරයි. සිය රටේ ත්‍රස්තවිරෝධි හැකියාව ඉහළ නංවා පාකිස්ථානයේ සිටින චීන ජතිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දෙරටේ සහයෝගිතා තවහුරු කිරීමට කැමැත්තෙන් සිටින බව ද Bilawal Bhutto Zardari මහතා ප්‍රකාශ කළේය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම