රට තුළ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමට දේශපාලන පක්ෂ මෙන්ම, සෙසු පාර්ශ්ව ද ක්‍රියා නොකරන්නේ නම්, තමා තවදුරටත් මහ බැංකු අධිපති පදවිය දැරීම පලක් නොවන බව, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
රට තුළ පසුගියදා ඇති වූ සිදුවීමත් සමඟ පසුගිය මාසයක පමණ කාලයක් තුළ රටේ ආර්ථිකය යථා තත්ත්වයට ගැනීම සඳහා සිදු කළ කටයුතුවල ප්‍රගතිය වෙනත් දිසාවකට යොමුවූ බව ඔහු කියාසිටී.
වත්මන් අස්ථාවරභාවය පවතින්නේ නම්, තවත් දෙසතියක් තුළ පැය 12ක පමණ විදුලි කප්පාදුවක් ඇතුළු බරපතල අර්බුදයන්ට ජනතාවට මුහුණදීමට සිදුවනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා අනතුරු අඟවයි. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ අදහස් පළකළේ, රටේ වත්මන් තත්වය හා ආර්ථිකයේ ස්වභාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවක දීය.