සහයෝගිතාවයේ මුවාවෙන් වෙනත් රටවලට බලපෑම් කරමින් චීනයේ මූලික අයිතිවාසිකම් අවදානම් සහගත ක්‍රියාමාර්ග නොගන්නා ලෙස ඇමරිකාවට දැනුම් දෙන බව චීනය පවසයි
2022-05-12 18:54:44
Share with:

සහයෝගිතාවයේ මුවාවෙන් වෙනත් රටවලට බලපෑම් කරමින් චීනයේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවදානම් සහගත ක්‍රියාමාර්ග නොගන්නා ලෙස ඇමරිකාවට දැනුම් දෙන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද (12) මේ බව ප්‍රකාශ කළේය.

එළඹෙන ඇමරිකානු-ආසියාන් සංගම් නායක සමුළුවේදී, චීනය ඇතුළු කරුණු පිළිබඳ සාකච්ඡා කරනු ඇතැයි, ඇමරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ ඉන්දීය සහ ආසියා හා ශාන්තිකර සාගර කලාපීය කටයුතු සම්බන්ධීකාරක Kurt Campbell ඊයේ (11) ප්‍රකාශ කළේය.

එම නායක සමුළුව සම්බන්ධයෙන් Zhao Lijian මහතා පැවසුවේ, ආසියාවෙන් පරිබාහිර රටක් ලෙස ඇමරිකාව, කලාපීය සාමය හා ස්ථාවරත්වය මෙන්ම සමගිය හා සහයෝගිතාව විනාශ කිරීම වෙනුවට, එහි සාමය උදෙසා සක්‍රිය සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටු කළ යුතු බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම