ඇමරිකානු පුරවැසියන් ‘ කෝටි 10කට කොවිඩ් ආසාදනය වීමේ ’ අනාවැකිය යථාර්ථයක් බවට පත් නොකළ යුතු බව චීනය කියයි
2022-05-11 19:47:13
Share with:

ඇමරිකානු රජයේ උසස් පෙළේ නිලධාරියෙකු පසුගිය දා ප්‍රකාශ කළේ, මෙම වසරේ සරත් හා ශීත ඍතුවලදී ඇමරිකාව නව කෙරොනා වසංගත තත්ත්වයට බරපතල අයුරින් මුහුණ දෙනු ඇති බවයි. එරට වැසියන් කෝටි 10ක පමණ පිරිසකට වෛරසය ආසාදනය වීමේ ඉඩක් පවතින බව ද, එම නිලධාරියා සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(11) පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ, වසංගතය ඇමරිකානු වැසියන්ට එල්ල කළ වේදනාව කෙරෙහි චීනය අනුකම්පා සහගත වන බවයි. වසංගත පාලනය කෙරෙහි ඇමරිකාව නිසි අවධානයක් දැක්විය යුතු ය. එරට ‘ කෝටි 10ක පිරිසකට කොවිඩ් ආසාදනය වීමේ ’ අනාවැකිය අවාසනාවන්ත යථාර්ථයක් බවට පත් නොකළ යුතු යැයි චීනය අපේක්ෂා කරන බව ද Zhao Lijian මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම