ජනපති ඉල්ලා අස්වේ නම්, අගමැති ධුරය බාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේගය කියයි
2022-05-11 16:07:15
Share with:

ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නේ නම්, අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බව සමගි ජන බලවේගය පවසයි.

අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර,  ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, සෙසු පක්ෂ පිහිටුවන අන්තර්කාලීන ආණ්ඩුවකට විපක්ෂයේ සිට සහය දැක්වීමට සූදානම් බවයි. අද (11)කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම