වත්මන ලෝක අර්බුදයන් විසඳීමට නව මූලාරම්භයක්
2022-05-11 10:53:49
Share with:

චීනයට ලෝක ආර්ථික ව්‍යූහය සුබදායි මට්ටමකට පරිවර්තනය කිරීමට හැකිවනු ඇතැයි  තමා විශ්වාස කරන බව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වාණිජ මණ්ඩල සභාපති බණ්ඩාර දිසානායක මහතා පවසයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් චීනය ක්‍රියාත්මක කරන ස්ථිර හා දූර දර්ශී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් චීනයට පමණක් ‍නොව සමස්ත ලෝකයටම නව අවස්ථා නිර්මාණය කර ඇති බව ද හෙතෙම පැවසීය.එක් තීරයක් එක් මාවතක් වැඩසටහන ඊට කදිම උදාහරණයකි. ආර්ථික, සංස්කෘතික හා සාමාජීය යන අංශයන් ගෙන් සුපෝෂිත එම වැඩසටහන මගින් ලෝකයේ විවිධ රටවල් හා කලාප වෙනුවෙන් නව අවස්ථාවන් නිර්මාණය කරමින් තිබේ. චීන ජනාධිපතිවරයා විසින් හඳුන්වා දෙනු ලැබූ මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව පුළුල් කිරීමෙන් තවත් අවස්ථාවන් රැසක් උදාවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද බණ්ඩාර දිසානායක මහතා සඳහන් කරයි. වත්මන් ලෝකය අභියෝග රැසකට මුහුණ දී ඇත. කොරොනා වසංගතයෙන් එල්ලවූ බලපෑම මෙන්ම ගෝලීයකරණයට එරෙහිව එල්ලවී ඇති අභියෝගයන් ද ඒ අතර වෙයි. එවන් පසුබිමක් තුළ චීනය මූලික වී නව ආර්ථික රටාවන් ඉදිරියට ගෙන ඒමෙන් ලෝකයට නව ජවයක් ගෙන දෙනු ඇතැයි ද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම