සුපිරි බලවත් රටවල් අභ්‍යවකාශයේ ආධිපත්‍යයක් පවත්වා නොගන්නා බවට ප්‍රතිඥා දිය යුතු බව චීනය පවසයි
2022-05-11 11:00:26
Share with:

සුපිරි බලවත් රටවල් අභ්‍යවකාශයේ ආධිපත්‍යයක් පවත්වා නොගත යුතු බව චීනය පවසයි

නිරායුධකරණය පිළිබඳ චීන තානාපති Li Song මහතා ප්‍රමූඛ නියෝජිත පිරිස, ඊයේ(10) ජිනීවා හි ජාතීන්ගේ මූලස්ථානයේ  පැවති, එක්සත් ජාතීන්ගේ "වගකිවයුතු අභ්‍යවකාශ චර්යා සංග්‍රහය" පිළිබඳ විවෘත ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමට එක් වූහ.

Li Song මහතා එහිදී පෙන්වා දුන්නේ, "වගකිවයුතු අභ්‍යවකාශ හැසිරීම" පිළිබඳ ජාත්‍යන්තර සාකච්ඡා මූලධර්ම 4ක් අනුගමනය කළ යුතු බවයි.

ඉන් පළමුවැන්න, පොදු සහ විශ්වීය අභ්‍යවකාශ සුරක්ෂිතභාවය ආරක්ෂා කළ යුතු ය. 

දෙවැන්න, අභ්‍යවකාශ අවි තරඟය වැළැක්වීම යන මූලික ස්ථාව‍රයේ අඛණ්ඩව රැඳී සිටිය යුතු ය.

තුන්වැන්න, විශ්වයේ සාමකාමී භාවිතය සඳහා සියලු රටවල සමාන අයිතිවාසිකම් සහතික කළ යුතු ය.

සිව්වැන්න, බහුපාර්ශ්විකත්වයට සහ සංයුක්ත සම්බන්ධීකරණ ප්‍රතිචාරයට අනුගත විය යුතු අතර, විශ්වයේ ජාත්‍යන්තර පාලනයේ දී එක්සත් ජාතීන්ගේ ප්‍රධාන වේදිකා දායකත්වයට සහාය දිය යුතු ය.

ඉන් වඩාත්ම වැදගත් "වගකිවයුතු අභ්‍යවකාශ හැසිරීම" යනු, සුපිරි බලවත් රටවල් අභ්‍යවකාශයේ ආධිපත්‍යයක් පවත්වා නොගැනීමට පොරොන්දු වීම සහ "අභ්‍යවකාශයේ ආධිපත්‍යය දැරීමට" උත්සාහ නොකිරීම බව, Li Song මහතා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම