Tianzhou 4 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය ගුවනට
2022-05-10 10:15:21
Share with:

Tianzhou 4 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය ගුවන්ගත කෙරේ. බෙයිජිං වේලාවෙන් අද (10) අලුයම 01:56 ට, එම යානය රැගත් Long March 7 Yao-5 වාහක රොකට්ටුව චීනයේ Wenchang අභ්‍යවකාශ යානා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කෙරිණ.

මිනිත්තු 10 කට පමණ පසු, අභ්‍යවකාශ යානය සහ රොකට්ටුව සාර්ථකව වෙන් වී නියමිත කක්ෂයට ඇතුළු විය. 02:23 ට, අභ්‍යවකාශ යානයේ සූර්ය පැනල මනාව ක්‍රියා කිරීම ඇරඹුණු අතර, ගුවන්ගත කිරීම සම්පූර්ණයෙන්ම සාර්ථක විය. ඉන් පසුව, Tianzhou 4 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය, කක්ෂගතව පවතින චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා එක් විය.

‍මෙය චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතියේ 22 වැනි මෙහෙයුම වන අතර, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ප්‍රධාන තාක්‍ෂණික සත්‍යාපන අදියරේ සිට කක්ෂයේ ඉදිකිරීම් අදියර දක්වා  මාරුකිරීම පිළිබඳ පළමු ගුවන් මෙහෙයුමයි. එමෙන්ම මෙය  Long March වාහක රොකට්ටු මාලාවේ 420 වැනි මෙහෙයුම ද වේ.

මීට අමතරව, එළඹෙන ජුනි මාසයේදී Shenzhou 14 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමට නියමිතයි. ඊට එක්වන ගගනගාමීන් තිදෙනා චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළු වී මාස 6ක් කක්ෂයේ රැඳී සිටිනු ඇත.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම