ගෝලීය සංවර්ධන මුලපිරුම පිළිබඳ මිතුරන්ගේ කණ්ඩායමේ ඉහළපෙළේ සමුළුවට චීන විදේශ ඇමති එක්වෙයි
2022-05-10 11:10:47
Share with:

‘ගෝලීය සංවර්ධන මුලපිරුම පිළිබඳ මිතුරන්ගේ කණ්ඩායමේ’ උසස් සමුළුවට චීන විදේශ අමාත්‍යවරයා එක්වෙයි.

චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා, සමුළුවේ සමාරම්භක උත්සවයට මාර්ගගතව එක්වෙමින්, දේශනයක් පැවැත්වීය. චීනය, ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම් යෝජනාව ප්‍රායෝගික පියවර රැසක් ඔස්සේ කඩිනමින් ක්‍රියාවට නංවමින්, සමස්ත ලෝක සංවර්ධනයට නව දායකත්වයක් සපයනු ඇතැයි වං යී මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

නැගී එන නව වෙළඳපොළ හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සාකච්ඡා ශක්තිමත් කිරීම, වර්ධන සම්පත් සඳහා ආයෝජන වැඩිකිරීම, විවිධ පාර්ශ්ව එක්වන ගෝලීය සංවර්ධන යෝජනා ව්‍යාපෘති ප්‍රවර්ධනය හා නිසි කාලයක ගෝලීය සංවර්ධන වාර්තාව නිකුත් කිරීම මෙම වැඩසටහනේ මූලික පියවරයන්ට ඇතුළත් ය. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම