චීන ජනපතිගෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ තරුණ ලීගය වෙත ප්‍රබල අපේක්ෂා හතරක්
2022-05-10 14:46:41
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ තරුණ ලීගය ස්ථාපිත වීමේ ශත සංවත්සරය උත්කර්ෂවත් අයුරින් සැමරේ. ශත සංවත්සර සැමරුම් සම්මේලනය අද(10) පෙරවරුවේ බෙයිජිං මහජන මහ ශාලාවේදී පැවැත්විණ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සම්මේලනයේ දී වැදගත් දේශනයක් පවත්වමින්, චීන කොමියුනිස්ට් පක්ෂයේ තරුණ ලීගය වෙත සඵල කර ගත යුතු අපේක්ෂා හතරක් ඉදිරිපත් කළේ ය.

ඉන් පළමුවැන්න, චීන කොමියුනිස්ට් පක්ෂයේ තරුණ ලීගය සෑම විටම චීන තරුණයන්ගේ මතවාදී ප්‍රගතිය මෙහෙයවන දේශපාලන පාසලක් බවට පත්වීමයි.

දෙවැන්න, දැනුවත් භාවයෙන් යුතුව, වගකීම් සහගතව, සෑම විටම චීන තරුණයින්ගේ සදාකාලික අරගලය සංවිධානය කිරීමේ පෙරටුගාමී බලවේගය විය යුතුය.

තුන්වනුව, තරුණ ප්‍රජාව වෙත අවධානය දක්වන අතර, සෑමවිටම පක්ෂය සහ තරුණයින් අතර ශක්තිමත්ම පාලම ලෙසට කටයුතු කිරීමයි.

සිව්වැන්න, ධෛර්යවන්තව ස්වයං විප්ලවයක් සිදු කරමින්, සෑම විටම පක්ෂය හා සමීපවී එය අනුගමනය කරන, යුගයේ පෙරටුගාමී දියුණු සංවිධානයක් බවට පත් විය යුතුය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම