චීනය හා එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ඒජන්සිය මගින් ඇෆ්ගනිස්ථානයට යළිත් මානුෂවාදී සහනාධාර
2022-05-10 14:18:47
Share with:

චීනය හා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සිය ඇෆ්ගනිස්ථානයට මානුෂවාදී සහනාධාර පිරිනමයි.

අදාළ සහනාධාර භාණ්ඩ බෙදා දීමේ උළෙල ඊයේ(9) කාබුල් අගනුවර දී පැවැත්විණ. ඇෆ්ගනිස්ථාන ජනතාවගේ ජීවන අසීරුතා කෙරේ දැඩි සැලකිල්ලක් දක්වන චීනය ආහාර, ඇඟලුම්, එන්නත්, කූඩාරම්, ඖෂධ ඇතුළු සහනාධාර භාණ්ඩ අඛණ්ඩව එරටට ලබා දී තිබෙන බව, ඇෆ්ගනිස්ථානයේ චීන තානාපති කාර්යාලයේ ව්‍යාපාරික උපදේශක හූ ගෝඅයි මහතා එම උළෙලට එක්වෙමින් පැවසීය. 

චීනය විසින් ස්ථාපිත ‘දකුණු දකුණු සහයෝගතා ආධාර අරමුදල’ හා එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ඒජන්සිය අතර සහයෝගතාව මත, ඇෆ්ගනිස්ථානයේ අවශ්‍යතා සහිත ජනතාව වෙනුවෙන් හදිසි සහනාධාර හා අධ්‍යාපන අනුග්‍රහ සැපයෙන ව්‍යාපෘතියක් මගින් මෙවර සහනාධාර ලබා දී තිබේ. කූඩාරම්, පාසැල්බෑග්, මුළුතැන්ගෙයි උපකරණ, කම්බිළි හා ගෑස් ටැංකි ඇතුළු භාණ්ඩ ඊට ඇතුළත්ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම