පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි කතානායකවරයා ජනපතිගෙන් ඉල්ලයි
2022-05-10 17:10:54
Share with:

පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

රට තුළ මතුව ඇති තත්වය සම්බන්ධයෙන් සහ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද (10) රැස්වන පක්ෂ නායක රැස්වීමේදී තීරණවලට එළඹීමට නියමිත ය.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමත් සමග ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකවරයාට තිබූ බලය නැවත ජනාධිපතිවරයාට හිමිවේ. ඒ අනුව, නව අග්‍රාමාත්‍යවරයෙකු, සභානායකවරයෙකු සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙකු පත් කර ගැනීම අනිවාර්ය වේ.

ඒ පිළිබඳව අද (10) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡාවට ලක්වනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම