ඇෆ්ගනිස්ථානයේ ගංවතුරින් විපතට පත්වූවන් වෙනුවෙන් පාකිස්ථානයෙන් යළි සහනාධාර
2022-05-10 15:14:36
Share with:

ඇෆ්ගනිස්ථානයේ ගංවතුරින් විපතට පත්වූවන් වෙනුවෙන් පාකිස්ථානය සපයන දෙවැනි සහනාධාර තොගය එරටට යොමු කෙරේ. අද(10) ඒවා ඇෆ්ගනිස්ථානය වෙත යොමු කෙරිණ.

පසුගිය දා, ඇෆ්ගනිස්ථානයේ පළාත් 12ක හටගත් ධාරානිපාත වර්ෂාවෙන් ගංවතුර ආපදා රැසක් සිදුවිය. පසුගිය 6වැනිදා වනවිට, 29දෙනෙකු ඉන් මිය ‍ගොස් ඇතැයි වාර්තා විය. 40දෙනෙකුට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූ අතර, නිවාස දහස් ගණනකට හානි සිදුව තිබේ. එරට පීඩාවන්ට පත්වූවන් වෙනුවෙන් පාකිස්ථානය පළමු සහනාධාර තොගය ලබාදුන්නේ ඉකුත් 7වැනි දා යි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම