චීන තරුණයන්ගේ දෛවය සැමවිටම යුගයේ අවශ්‍යතා සමග බැ‍‍ඳෙන බව චීන ජනපති පවසයි
2022-05-10 11:59:44
Share with:

චීන තරුණයන්ගේ දෛවය සැමවිටම යුගයේ අවශ්‍යතා සමග බැ‍‍ඳෙන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ තරුණ ලීගය ස්ථාපිත කිරීමේ සියවැනි සංවත්සරය වෙනුවෙන් අද (10) බෙයිජිංහි පැවති සැමරුම් සම්මේලනය අමතමින් ෂී ජින් පිං ජනාධිපතිවරයා කියා සිටියේ, ගත වූ ශතවර්ෂය තුළ තරුණ ලීගය චීන කොමියුනිස්ට් පක්ෂයේ ශක්තිමත් නායකත්වය යටතේ චීන ජාතික ස්වාධීනත්වය, ජනතා විමුක්තිය හා රටේ සමෘද්ධිය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටු කර ඇති බවයි. චීන තරුණයන්ගේ දෛවය සැමවිටම යුගයේ අවශ්‍යතා සමග බැ‍‍‍‍ඳේ. රටේ ඉදිරි ගමනේදී තරුණ ලීගය කොමියුනිස්ට්වාදී හා සමාජවාදී ධජ සෙවණේ  එක්සත් හා ශක්තිමත් ම සංවිධානය බවට පත් වනු ඇතැයි චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම