අගමැති ඉල්ලා අස්වෙයි
2022-05-09 19:19:14
Share with:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.  ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ මහතා වෙත අද (9) පස්වරුවේ භාර දුන් බව වාර්තා විය.

අද (9) දහවල් කොළඹ නගරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාතට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පණවනු ලැබීය. පස්වරුවේ එය සමස්ත දිවයිනටම අදාළ වන සේ පණවා තිබේ.

තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ, වගකීම් විරහිත දේශපාලන ආධාරකරුවන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම තරයේ හෙළාදකින බවයි.  සන්සුන්ව කටයුතු කරන්නැයි හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටී.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම