කියුබාවේ අගනුවර හෝටලයක සිදු වූ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීනය දැඩි ශෝකය පළකරයි
2022-05-09 14:14:14
Share with:

කියුබාවේ Havana අගනුවර පිහිටි හෝටලයක සිදු වූ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීනය දැඩි ශෝකය පළ කරයි.

පසුගිය 6 වනදා Havana හි පිහිටි හෝටලයක සිදුවූ ස්වාභාවික ගෑස් පිපිරීමකින් පුද්ගල මරණ හා දේපළ හානි වාර්තා විය. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශය දැඩි ශෝකය පළ කර ඇත. චීනය සහ කියුබාව සහෝදර රටවල් දෙකක් වන අතර, දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වය ගැඹුරු ලෙස පවතී. අදාළ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට හා තුවාල ලැබූවන්ට චීනය සංවේගය ප්‍රකාශ කර තිබේ. මෙම සංවේගදායක අවස්ථාවේදී චීන රජය හා ජනතාව කියුබානු රජය හා ජනතාව සමඟ එක්ව සිටින බව ද චීන විදේශ අමාත්‍යංශය පවසා ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම