ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා කෙරෙහි ජනපතිගේ අවධානය
2022-05-09 15:33:01
Share with:

පවතින දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව කටයුතු කිරීම පිළිබඳව සලකා බලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව සමග කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඊයේ (8) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

රටේ වත්මන් තත්ත්වය පාදක කර ගනිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රධාන යෝජනා 13 ක් එහි විධායක සභාවට ඉදිරිපත් කර, ඒකමතිකව සම්මත කර ගෙන තිබේ. එම යෝජනා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පුළුල්ව සාකච්ඡා කළ ජනාධිපතිවරයා, නීතියේ ආධිපත්‍යය සුරැකීමේ වැදගත්කම එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම