චීන වෙළෙඳපොළේ පැවැත්ම ධාරිතාව කෝටි 15.8ක් දක්වා ඉහළට
2022-05-09 14:13:37
Share with:

චීනයේ  වෙළෙඳපොළ පැවැත්ම ධාරිතාව කෝටි 15.8ක් දක්වා ඉහළ යයි.

ඇතැම් වෙළෙඳපොළ තත්ත්ව අනපේක්ෂිත අභියෝගවලට ලක්වෙමින් පවතින මෙවන් අවස්ථාවක, ආර්ථිකය පහළ යාමේ පීඩනයට මුහුණ පා සිටියදීත් චීනය මෙම සාර්ථකත්වය අත්පත් කරගැනීම සුවිශේෂ කරුණකි. කෙසේ වුවද අප්‍රේල් මස අග වන විට රටේ වෙළඳපොළ පැවැත්ම ධාරිතාව කෝටි 15.8ක් දක්වා වැඩි වූ අතර, එය මේ වනවිට සියයට 10.5ක අනුපාතයකින් වැඩිවෙමින් පවතින බව ද සංඛ්‍යාලේඛනවලින් දැක්වේ.

      පසුගිය ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා රටේ අලුතෙන් ස්ථාපිත වෙළෙඳ පැවැත්ම සංඛ්‍යාව මිලියන 8.987ක් වන අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 0.7ක වැඩිවීමකි. ඒ අනුව, සාමාන්‍යයෙන් දෛනිකව ව්‍යාපාර 22600 ක් වෙළෙඳපොළේ අලුතින් ගනුදෙනු ආරම්භ කර ඇත. එම කාලය තුළ වෙළෙඳපොළට අලුතින් එක්වූ පෞද්ගලික ව්‍යාපාර සංඛ්‍යාව මිලියන 6.236ක් වන අතර, පසුගිය වසරේ එම කාලයට වඩා එය සියයට 2.9ක වැඩි වීමකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම