බාහිර බලවේග හොංකොං හි කටයුතුවලට අනිසි බලපෑම් එල්ලකිරීම අරුත්සුන් ක්රිියාවක් බව චීනය කියයි
2022-05-09 19:26:06
Share with:

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලා‍පයේ නව විධායක නිලධාරි තෝරාගැනීම සඳහා වන මැතිවරණය, යුරෝපා සංගමය විසින් අපකීර්තියට පත්කරනු ලැබීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(09) පැවති නිත්‍ය මාධ්‍ය හමු‍වේදී අදහස් පළ කළේ ය. යුරෝපා සංගමය ඇතුළු බාහිර බලවේග හොංකොං හි කටයුතුවලට අනිසි බලපෑම් එල්ල කිරීම අරුත්සුන් ක්‍රියාවක් බව ඔහු පැවසීය. හොංකොං සඳහා අලුතින් තේරී පත්වූ විධායක නිලධාරියාගේ නායකත්වය යටතේ, එහි නව රජයට හා විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන්ට විශිෂ්ට කාලපරිඡේදයක් අනිවාර්යයෙන් ම ආරම්භ කළ හැකි වෙතැයි විශ්වාස කරන බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා ‍සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම