අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග තවත් සාකච්ඡා වටයක් අද (9) ඇරඹේ
2022-05-09 16:31:07
Share with:

අන්තර්ජාතික මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා නියෝජිතයන් අතර තවත් සාකච්ඡා වටයක් අද (9) ඇරඹෙයි. මෙය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙනු ඇත. ලබන 23 වැනිදා තෙක් මෙම සාකච්ඡා පැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මේ සඳහා එක්වෙති.

මේ අතර, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍යාධාරයක් ලබාදීම කෙරෙහි ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අවධානය යොමු ව තිබේ. එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා අතර  වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කෙරිණ.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම