සාමකාමීව හැසිරෙන ලෙසට ආරක්ෂක අමාත්‍යංශ‍යෙන් ජනාතාවට ඉල්ලීමක්
2022-05-08 18:03:47
Share with:

වර්තමානයේ රට තුළ උද්ගතව ඇති ආර්ථික හා සමාජයීය අර්බුදකාරී තත්ත්වය සහ නොසන්සුන්කාරී ස්වභාවය සැලකිල්ලට ගෙන බුද්ධිමත්ව සහ ඉවසීමෙන් යුතුව එය පාලනය කිරීමට සහයෝගය ලබාදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පැවති සාමකාමී අරගලයෙහි මුහුණුවර වෙනස් කරමින් රටෙහි විවිධ ස්ථානවල සිදුකරනු ලබන ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ සහ හර්තාල් හේතුවෙන් මහජනතාව මහත් දුෂ්කරතාවයකට පත්වී ඇති බව එම අමාත්‍යංශය පෙන්වා දෙයි. 

එහිදී ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු උද්ඝෝෂණකරුවන් විසින් රටෙහි පවත්නා සාමාන්‍ය නීතිය පිළිබඳව කිසිදු සැලකිල්ලක් සිදු නොකොට ආරක්‍ෂක අංශ නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කරන ආකාරයත් ඔවුන්ට තර්ජනය කිරීම් ආදියත් නිරීක්‍ෂණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

මේ හේතුවෙන් මහජනතාවට දෛනික ජනජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බව ආරක්ෂක අමාත්‍යංශය පවසා ඇත.

ඒ අනුව පත්ව ඇති මෙම හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර සියලු දෙනා බුද්ධිමත්ව සහ ඉවසිලිවන්තව රටෙහි නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.

 

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම