චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයට නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙක්
2022-05-08 17:57:41
Share with:

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 6වන ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසට ජෝන් ලී මහතා තේරී පත්වෙයි. හෙතෙම මීට පෙර එම කලාපයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසට කටයුතු කළේ ය. ජෝන් ලී මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 1416කි. ප්‍රධාන විධායක නිලධාරිවරයා බවට පත්වීමට අවම වශයෙන් ඡන්ද 750ක් අභිබවා යා යුතුය.ඡන්ද ප්‍රතිඵලයෙන් පසු කෙටියෙන් අදහස් දැක්වූ හෙතෙම මැතිවරණ කමිටුවේ නිලධාරීන්ට සහ හොංකොං වැසියන්ට සිය ප්‍රණාමය පුද කළේ ය. චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මැතිවරණ ක්‍රමය වැඩි දියුණු කිරීමෙන් පසු තේරී පත්වූ ප්‍රථම ප්‍රධාන විධායක නිලධාරියා ජොන් ලී මහතා ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම