යුරෝපා සංගමයේ සම්බන්ධීකරණ නියෝජිතවරයා ඉරානයේ සංචාරයක
2022-05-08 16:30:48
Share with:

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගෙන යාම සඳහා යුරෝපා සංගමයේ සම්බන්ධීකරණ නියෝජිතවරයා ඉරානයේ සංචාරයක නිරත වෙයි.

ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්න පිළිබඳ ගිවිසුමේ අදාළ පාර්ශ්වයන් අතර සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා යුරෝපා සංගමයේ සම්බන්ධීකරණ නියෝජිත, විදේශ මෙහෙයුම් පිළිබඳ කාර්යාල‍යේ නියෝජ්‍ය ලේකම් Enrique Mora මහතා එළඹෙන 10 වනදා ඉරානයේ සංචාරය කරනු ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

 මෙතෙක් එකඟවී නොමැති  කරුණු සම්බන්ධයෙන් ඉරානය අදාළ පාර්ශ්වයන් සමඟ ලිඛිත තොරතුරු හුවමාරු කිරීමෙන් සාකච්ඡා කරමින් සිටී. ඉරානය හා ඇමරිකාව අතර අදහස් හුවමාරුවේදී යුරෝපා සංගමය ඉටු කළ කාර්යභාරය හේතුවෙන් Enrique Mora මහතාගේ මෙවර සංචාරය, අදාළ සාකච්ඡාවේ ඉතිරි වැදගත් කරුණු සුළු ප්‍රමණයක් ඵලදායිකව සාකච්ඡා කිරීමේ නව පියවරක් ලෙසට සැලකිය හැකි බව එම වාර්ත‍වේ සඳහන් වේ.  

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම