තම මවගේ ඔවදන් තදින් ධාරණය කර ගනිමින් ජනතා සේවයට අඛණ්ඩව කැපවන චීන ජනපති
2022-05-08 12:40:09
Share with:

ඕනෑම කෙනෙකු සිය මූලික අධ්‍යාපනය ලබන්නේ මවගෙන් බව පැරණි චීන කියමනක් තිබේ. මවගේ ආදරය හා සෙනෙහස මිළ කළ නොහැකිය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා‍ගේ මව වන චී ශින් මහත්මිය සෑම කාර්යයක් වගේම ජීවිතය ද මනාව පවත්වා ගත යුතුය යන්න දැඩිව අනුගමනය කළ මවකි.

දරුවන් හදා වඩා ගැනීමේදී ඇය දෛනික දින චර්යාවන් සහ ක්‍රියාවන්ට දැඩි අවධානය යොමු කරමින් සැමවිටම දැඩි ප්‍රමිතියෙන් යුතුව කටයුතු කර තිබේ. යහපත් පුරවැසියන් වී  රටට හා ජනතාවට සේවය කළ යුතුය යන්න ඇය ෂී ජින් පිං ඇතුළු සිය දරුවන්ට  නිරතුරුවම සිහිපත් කළාය. වගකීම් මනා ලෙස ඉටු කිරීම දෙමාපියන්ට හොඳින් සැලකීම හා සමාන බව ඇය  ෂී ජින් පිංට දුන් ඔවදනකි. ෂී ජින් පිං මහතාට මවගෙන් ලද බලපෑම් වැදගත් ය. “මම මගේ මුළු ජීවිතයම ජනතාව වෙනුවෙන් කැප කරනු ඇත” යනුවෙන් පවසා ඇති ෂී ජින් පිං මහතා සිය මවගෙන් ලද දැනුම හා ඔවදන් තම සිතේ තදින් ධාරණය කර ගෙන තිබේ.



ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම