“ඉන්දු-පැසිෆික් උපායමාර්ගය" කාලයේ ප්‍රවණතාව උල්ලංඝනය කරන්නක් බව චීන විදේශ ඇමති කියයි
2022-05-07 10:47:36
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති වං යී මහතා, අද(6) ඉන්දුනීසියානු - චීන සහයෝගීතා ප්‍රධානී හා සම්බන්ධීකරණ අමාත්‍ය Luhut Binsar Pandjaitan මහතා සමඟ, විඩියෝ ආකාරයෙන් අදහස් හුවමාරු කර ගත්තේ ‍ය.

කවර කලාපීය උපාය මාර්ගයක් යෝජනා කළද, එක් පාර්ශ්වයක ජයග්‍රහණය වෙනුවෙන් අනෙක් පාර්ශ්වයට අගතියක් සිදු කිරීම එහි අරමුණ නොවිය යුතු අතර, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රහණය මත එය පදනම් විය යුතු බව, වං යී මහතා සඳහන් කළේ ය.

නැගෙනහිර ආසියාවේ  ආසියාන් සංවිධානය මූලික කරගත් කලාපීය සහයෝගීතා ව්‍යුහයක් පවතී. එය කලාපය තුළ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ කේන්ද්‍රය යි. ඇමරිකාව ක්‍රියාත්මක කරන "ඉන්දු-පැසිෆික් උපායමාර්ගය" කාලයේ ප්‍රවණතාව උල්ලංඝනය කරන්නක් වන අතර,  කලාපීය රටවල පොදු සහ දිගුකාලීන අවශ්‍යතාවලට ද එය අනුකූල නොවන බව, වං යී මහතා එහිදී පැවසීය.

චීනය සහ ඉන්දුනීසියාව නැඟී එන ආර්ථික ඒකකයන් ය. ඉන්දුනීසියාව සමඟ,  සන්නිවේදන සහ හුවමාරු ශක්තිමත් කරමින්, කලාපයේ ඒ ඒ රටවල සංවර්ධනය සඳහා නීත්‍යානුකූල අයිතීන් එක්ව ආරක්ෂා කිරීමට, චීනය  කැමැත්තෙන් සිටින බවද, වං යී මහතා අවධාරණය කළේ ය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම