මන්නාරම් ද්‍රෝණියේ ඇති ඉන්ධන සහ ස්වභාවික ගෑස් ගවේෂණය කර ලබා ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් නොකිරීම පිළිබඳව කෝපා කමිටුවේ අවධානය
2022-05-07 17:57:36
Share with:

මන්නාරම් ද්‍රෝණියේ ඇති ඉන්ධන සහ ස්වභාවික ගෑස් ගවේෂණය කර ලබා ගැනීමට විධිමත් වැඩපිලිවෙලක් සකස් නොකිරීම පිළිබඳව කෝපා කමිටුවේ අවධානය යොමුවෙයි. 2016 දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී මතුවූ කරුණු අනුව  මන්නාරම් ද්‍රෝණියේ ඉන්ධන බැරල් බිලියන 5 ක් තිබෙන බව සොයා ගෙන ඇත. එමෙන්ම ස්වභාවික ගෑස් ඝණ අඩි ට්‍රිලියන 5 ක් පමණ තිබේ.එය මෙරට වසර 60 ක පමණ අවශ්‍යතාවයක් සපුරාලීමට ප්‍රමාණවත්ය. ස්වභාවික ගෑස් වලින් පමණක් වසර 25 ක් තුළ ඩොලර් බිලියන 200 ක පමණ වාසියක් සැලසෙයි. එහෙත් මෙම බිම් කොටසේ ගවේෂණ කටයුතු සිදුකිරීම හෝ හඳුනාගත් නිධි දෙකේ වායු, වාණිජමය වශයෙන් ආදායම් ලබාගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කර නොමැත. ඊයේ(6) පාර්ලිමේන්තුවේදී රැස් වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් සඳහන් කළේ විශ්වසනීය ආයෝජකයෙකු සොයා ගැනීමට අපහසු වූ බවයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම