සැමදා පවතින මිත්‍රත්වය ලොවටම ආදර්ශයක්
2022-05-07 12:27:16
Share with:

චීන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වන සංවත්සරය වෙනුවෙන් උණූසුම් සුබ පැතැම් පිරිනමන බව ව්‍යවසායක සාලිය අනුරාධ මහතා පවසයි. නව චීනය පිහිටුවීමේ ආරම්භයේ සිට චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ රටක් ලෙසට ශ්‍රී ලංකාව චීනය සමග සමීප සබඳතා පවත්වා ගනිමින් සිටී. චීන‍ය ස්වෝත්සාහයෙන් වේගවත් සංවර්ධනයක් ළගා කර ‍ගෙන ඇත. චීනයේ දියුණුව ගැන ශ්‍රී ලාංකිකයන් සතුටට පත්විය යුත්තේ චීනය හැකි සෑම අවස්ථාවකම හැකි උපරිමයෙන් ශ්‍රී ලංකාවට සහාය වීම පමණක් නොව එම දියුණුවෙන් ශ්‍රී ලංකාවට ද අවස්ථා රැසක් හිමිවන බැවින් යැයි ද හෙතෙම කියා සිටී.

පැරණි සේද මාවතෙන් ආරම්භ‍ වී නූතන එක් තීරයක් එක් මාවතක් වැඩසටහන හරහා එම අවස්ථාවන් තවත් වර්ධනය වී ඇත.

චීනය සමග සමීප සබඳතා පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැකි යැයි ද සාලිය අනුරාධ මහතා පෙන්වා දෙයි. යුද්ධය පැවති සමයේ දී මෙන්ම ශ්‍රී ලංකාවේ කොරොනා වසංගතය පාලනය සඳහා චීනය ලබා දුන් එන්නත් සහයෝගය විශේෂයෙන් අගය කළ යුතු යැයි ද හෙතෙම අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම