අකාර්යක්ෂම පාලනය ඇමරිකාවේ කොවිඩ් මරණ වැඩිවීමට හේතුව බව එරට මාධ්‍ය පවසයි
2022-05-07 16:28:41
Share with:

ඇමරිකානු NBC ගුවන් විදුලි සමාගමේ නවතම වාර්තාවකට අනුව, මේ වනවිට ඇමරිකාවේ COVID-19 හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබෙන බව,ඇමරිකාවේ Today වෙබ් අඩවිය වාර්තා කරයි. එය එරට වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා වූ නවතම ඛේදජනක සංඛ්‍යාවකි. වසර දෙකකට පෙර නව කොරොනා වෛරසය ලොව පුරා පැතිර ගිය අවස්ථාව විමසා බැලීමේ දී  එම සංඛ්‍යාව  සිතා ගැනීමට පවා නොහැකි දෙයක් බව එම වාර්තාවේ සඳහන් වෙයි.

එහෙත් ඇමරිකාවේ COVID-19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මෙතරම් නරක් විය යුතු නැති අතර, වසංගතයට මුහුණ දීමට වඩා කාර්යක්ෂම ලෙස  ක්‍රියාත්මක විය යුතුව තිබූ බව Johns Hopkins විශ්ව විද්‍යාලයේ සෞභාග්‍ය සුරක්ෂිතතා මධ්‍යස්ථානයේ ආචාර්ය,වසංගත රෝග පිළිබඳ සංගමයේ ප්‍රකාශක Amesh Adalja මහතා පැවසීය.එන්නත් ලබා නොගත හොත් එම මරණ සංඛ්‍යාව වත්මන් සංඛ්‍යාවට වඩා වැඩි වී ඇමරිකාව අධි දරුණු තත්ත්වයකට වැටෙනු ඇතැයි ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම