රුසියානු හමුදා පූර්ව ගැටුම් තත්ත්වයට යළි ප්‍රවේශ වීම, යුක්රේනය සහ රුසියාව අතර "සාමාන්‍ය" සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ පළමු පියවරයි- යුක්රේන ජනපති
2022-05-07 11:33:27
Share with:

රුසියානු හමුදා පූර්ව ගැටුම් තත්ත්වයට යළි ප්‍රවේශ වීම, යුක්රේනය සහ රුසියාව අතර "සාමාන්‍ය" සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ පළමු පියවර විය යුතු  බව යුක්රේන ජනාධිපතිවරයා පවසයි. 

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky මහතා ඊයේ( 6 ) ජාත්‍යන්තර කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය රාජකීය ආයතනයට වීඩියෝ දේශනයක් කරමින් මේ බව ප්‍රකාශ කළේය. පෙබරවාරි මස 24 වනදා අර්බුදය ඇතිවීමට පෙර තත්ත්වයට රුසියාව නැවත පත් විය යුතු ය. රුසියානු හමුදාව අර්බුදයට පෙර පැවති හමුදා සම්බන්ධතා හෝ මායිම් රේඛාව දක්වා පසුබසින්නේ නම් දෙපාර්ශ්වයට  "සාමාන්‍ය"  සාකච්ඡා නැවත ආරම්භ කළ හැකි බව Volodymyr Zelensky මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම