රුසියාව සහ යුක්රේනය අතර ගැටුම්වල විශාලතම ජයග්‍රාහකයා අන් කවුරුත් නොව වොෂින්ටනයයි
2022-05-06 17:20:01
Share with:

ඇමරිකාව ලාභය උපයා ගැනීමේ ආත්මාර්ථකාමීත්වයෙන් රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය උත්සන්න කරයි.

යුක්රේනයට සහනාධාර ලබා දීමේ පියවර රැසක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෑතකදී නිවේනය කරන ලදි.  

ඇමරිකාව හිතාමතාම යුද්ධය අවුස්සමින් ගින්නට ඉන්ධන එකතු කිරීමේ අරමුණ ගැටුම දිගු කාලීනව පවත්වා ගනිමින් තම භූ දේශපාලනික උපායමර්ගික අවශ්‍යතා සපුරා ගැනීම බව ජගත් ප්‍රජාවේ විශ්වාසය වී තිබේ.

මේ සම්බන්ධයෙන්, ඇමරිකානු මහජන කොංග්‍රසයේ හිටපු නියෝජිතවරියක වන Tulsi Gabbard මහත්මිය පැවසුවේ යුක්රේනය හා රුසියාව අතර යුද්ධය උග්‍ර කරවීමෙන් ඇමරිකාවේ අවි අලෙවිය ප්‍රතිලාභ ලබන බවය.

Reuters පුවත් ඒජන්සියේ වාර්තාවකට අනුව, රුසියානු-යුක්රේන ගැටුම් මතු වීමෙන් පසු, ඇමරිකාව සහ යුරෝපා සංගමය මාර්තු මස අගදී නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මේ වසරේ ඇමරිකාව යුරෝපා සංගමයට ඝන මීටර් බිලියන 15 ක ද්‍රව ස්වභාවික වායු  අතිරේක වශයෙන් අලෙවි කරනු ඇති බවයි.

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම්වල විශාලතම ජයග්‍රාහකයා අන් කවුරුත් නොව වොෂින්ටනය බව ස්පාඤ්ඤයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශේෂඥ Xulio Rios මහතා පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම