ඊනියා චීන න්‍යෂ්ටික තර්ජනය තුළ ඇමරිකාවේ ‍ය‍ටි අරමුණක් ඇතැයි චීනය පවසයි
2022-05-06 19:13:54
Share with:

ඇමරිකානු නිලධාරීන් නගන ඊනියා චීන න්‍යෂ්ටික තර්ජනයේ ‍ය‍ටි  අරමුණ සිය රටේ න්‍යෂ්ටික බලය සහතික කර ශක්තිමත් කර ගැනීම බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා මේ බව සඳහන් කළේ අද (6) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. ලෝකය‍ට විශාලතම න්‍යෂ්ටික තර්ජනය එල්ල ව ඇත්තේ ඇමරිකාවෙන් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

කිසිදු අවස්ථාවක ප්‍රථමයෙන් න්‍යෂ්ටික අවි භාවිත නො කිරීමේ ප්‍රතිපත්තිය චීනය ස්ථිරව අනුගමනය කරයි. එමෙන්ම පූර්ව කොන්දේසි රහිතව න්‍යෂ්ටික අවි ආයුධ නොමැති රටවල් හා ප්‍ර‍දේශ කෙරේ න්‍යෂ්ටික අවි භාවිත නොකරන අතර එසේ න්‍යෂ්ටික අවි භාවිත කිරීමට තර්ජන  සිදු නොකරන බවට ද චීනය පැහැදිලිව ප්‍රතිඥා ලබා දී තිබේ. කවර ආකාරයේ හෝ ‘චීන න්‍යෂ්ටික තර්ජනය’ පිළිබඳ ප්‍රකාශයන්ට චීනය දැඩි ලෙස විරුද්ධ බවද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම