චීනයේ අන්තර් ජාල හා ඩිජිටල්කරණ සංවර්ධනය නොඉවසන ඇමරිකාව බාධා එල්ල කරයි
2022-05-06 19:28:24
Share with:

චීනයේ අන්තර් ජාල හා ඩිජිටල්කරණ සංවර්ධනයට බාධා කිරීම සඳහා ඇමරිකාව හැකි සෑම ආකාරයකින්ම තැත් කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ බෙයිජිංහි අද(6) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ අදාළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඇතැම් රටවල‍ට ඊනියා ‘අන්තර් ජාල අනාගත ප්‍රකාශය’ට එක්වීමට ඇමරිකාව බල කළ බවත් එය චීනයේ සංවර්ධනයට බාධා කිරීමේ අරමුණෙන් යුක්තව ඇමරිකාව අන්තර් ජාලය ‘බෙදීම’ට ගත් උත්සාහයක් බවත් ඔහු කීය.

චීන ව්‍යාපාර මර්දනය කිරීම සඳහා ඇමරිකාව සෑම උපායක්ම යොදා ගෙන ඇත. ‘ජාතික ආරක්ෂාව’, ‘මානව හිමිකම්’ ඔවුන් නිරතුරුව යොදා ගන්නා පදනම් විරහිත හේතූන් ය. එසේ චීන ව්‍යාපාර මර්දනය කරමින් සිය අපරිණත නිෂ්පාදිතවල අලෙවිය ප්‍රවර්ධනය කරමින්  සිය ව්‍යාපාර පෝෂණය කිරීමට ඇමරිකාව තැත් කර ඇත. ඇමරිකාවේ එම ක්‍රියාව, ආරක්ෂාව හා මානව හිමිකම් මුවාවෙන්, ද්වේෂසහගත තරගකාරීත්වයේ නියුක්තවීමක් බව ද චාඕ ලීජියන් මහතා පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම