වෙළඳ හෝ රේගු බදු සටනකදී හෝ, ජයග්‍රහකයෙක් නොමැති බව චීනය කියයි
2022-05-05 19:42:15
Share with:

වෙළඳ හෝ රේගු බදු සටනකදී හෝ, ජයග්‍රහකයෙක් නොමැති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා පවසයි.

ඇමරිකාව විසින් චීන වාණිජ භාණ්ඩවලට පනවා ඇති අතිරේක තීරු බදු, එළඹෙන ජූලි මාසයේ දී අවලංගු වීමට නියමිතය. චීනය එහි ඉදිරි තත්ත්වය සම්බන්ධයෙන් සිටින්නේ කවර අපේක්ෂාවකින් දැයි මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් චාඕ ලීජියන් මහතා එසේ පැවසීය. චීනය හා ඇමරිකාව අතර ආර්ථික වෙළඳ සහයෝගතාවේ ස්වභාවය වනුයේ අන්‍යෝන්‍ය වාසී හා පොදු ජයග්‍රහණ ය. ඇමරිකාව විසින් ඒකපාර්ශ්වික වශයෙන් චීන භාණ්ඩවලට රේගු බදු අතිරේක වශයෙන් පැනවීම, චීනයටත්, ඇමරිකාවටත්, ලෝකයටත් අහිතකර  බව ද ඔහු පැහැදිලි කළේය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම