ඉන්ධන සඳහා මිල සූත්‍රයක්
2022-05-05 16:58:56
Share with:

ඉන්ධන සඳහා විනිවිදභාවයෙන් යුතු මිල සූත්‍රයක් ලබන සතියේ දී කැබිනට් මණ්ඩලයට හඳුන්වා දීමට බලාපොරොත්තු වෙන බව බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලාභ ලබන්නට නොව අලාභ අවම කර ගැනීම සඳහා මේ මිල සූත්‍රය හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා කීය.

ඉන්ධන ප්‍රවාහනයේ දී වැඩි ප්‍රමාණයක් දුම්රියෙන් ප්‍රවාහනය කිරීමටත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කී අමාත්‍යවරයා මේ වන විට ප්‍රමාණවත් තරම් පෙට්‍රල් ඇති බව ද සඳහන් කළේය.

ඩීසල් සම්බන්ධ යම් ගැටලුවක් තිබෙන අතර නොරොච්චෝලේ බලාගාරයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන්  ඩීසල් බලාගාර වලට ඩීසල් වැඩි වශයෙන් ලබා දීමට  සිදුවී තිබෙන බව ද සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම