උද්ධමනය ඉහළ යාම පාලනය සඳහා ඇමරිකාව පොළී අනුපාත ඉහළ දමයි
2022-05-05 09:54:56
Share with:

ඉහළ යන උද්ධමනයට පිළියම් ලෙස මිනුම් පොළී අනුපාතය 0.5% කින් ඉහළ දැමීමට ඇමරිකානු ෆෙඩරල් සංචිතය පියවර ගනී. 4වැනිදා මෙම තීරණය ගනු ලැබීය. 2000 වසරේ සිට වාර්තාවූ ඉහළම උද්ධමන අගය මේ වන විට එරටින් වාර්තා වී ඇති අතර එය ඉකුත් දශක හතර තුළ අත්දුටු ඉහළම උද්ධමනයයි.

ඇමරිකානු ෆෙඩරල් සංචිතය සඳහාවූ ප්‍රතිපත්ති සම්පාදන ආයතනය වන ඇමරිකානු ෆෙඩරල් විවෘත වෙළඳ කමිටුව තීරණය කර ඇත්තේ ෆෙඩරල් අරමුදල්වල ඉලක්කගත අනුපාත සියයට 0.75 සිට සියයට 1 දක්වා ඉහළ දැමීමටයි. දින දෙකක් පැවති ප්‍රතිපත්ති සම්පාදන රැස්වීමේදී මෙය තීරණය කෙරිණ.

භාණ්ඩාගාර ආරක්ෂණ, උකස් ගෙවීම් ආරක්ෂණ සහ ආයතන ණය සම්බන්ධ තත්ත්ව ජූනි පළමුවැනිදා සිට ලිහිල් කිරීමටත් කමිටුව තීරණය කළ බව අදාළ ප්‍රකාශනයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම