රටවල් 20 ක ළමා හෙපටයිටිස් රෝගීන් 228 ක්
2022-05-05 12:46:37
Share with:

මැයි මස පළමුවැනිදා වන විට ලොව පුරා රටවල් 20 කින් අවම වශයෙන් හේතු නිර්ණය කළ නොහැකි විද්‍යානුකූලව ගත්විට ළමා හෙපටයිටිස් රෝගීන් 228 ක් වාර්තා වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක Tarik Jasarevic මහතා පසුගිය තුන්වැනිදා මේ බව ප්‍රකාශ කළේය.‍

මීට අමතරව, වෙනත් රෝගීන් 50කට වැඩි පිරිසක් විමර්ශනයන්ට ලක්වෙමින් සිටින බව ද හෙතෙම පැවසීය. දැනට වාර්තා වූ රෝගීන් වැඩි පිරිසක් යුරෝපයේ දක්නට ලැබෙන අතර, ආසියාව, ඇමරිකාව සහ ඕෂනියාවෙන් ද රෝගීන් වාර්තා වී ඇත. අප්‍රේල්  23 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, මෙම රෝගීහු මාස 1 සිට අවුරුදු 16 දක්වා  වයස්වල පසුවන අය වෙති.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම