Marrakesh ගිවිසුම අද(5) සිට චීනයේ බලාත්මකයි
2022-05-05 11:38:58
Share with:

“අන්ධ වූවන්ට, දෘශ්‍යාබාධිතයන්ට හා කියවීමේ ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රකාශිත මුද්‍රණ කියවීම සඳහා පහසුකම් සැපයීම පිළිබඳ   Marrakesh ගිවිසුම” අද(5) සිට චීනයේ බලාත්මක වේ. චීන ජාතික ප්‍රකාශන හිමිකම් පරිපාලනය මේ බව දැනුම් දී ඇත.

චීනය මෙම ගිවිසුමේ 85 වැනි කොන්ත්‍රාත් පාර්ශ්වය වේ.

Marrakesh ගිවිසුම 2013 වසරේ ජුනි 27 වන දින මොරොක්කෝවේ Marrakesh හිදී සම්මත වූ අතර, එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනයක් වන, ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් මෙම ගිවිසුම පාලනය කෙරේ.

කියවීමේ ආබාධ සහිත පුද්ගලයන්ට කියවීම සහ අධ්‍යාපනය ලැබීම පිළිබඳ  සමාන අයිතිවාසිකම් සහතික කිරීම සඳහා, ප්‍රකාශන හිමිකම් සීමාවන් සහ ව්‍යතිරේක නියම කිරීමට මෙම ගිවිසුම ඒ ඒ කොන්ත්‍රාත් පාර්ශ්වවලින් ඉල්ලා සිටී.

Marrakesh ගිවිසුම බලාත්මක වීමෙන් පසු, චීනයේ කියවීමේ අපහසුතා ඇති ජනතාවගේ ආධ්‍යාත්මික හා සංස්කෘතික ජීවිතය බෙහෙවින් පොහොසත් කෙරෙනු ඇති අතර, ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ද ඉහළ නැංවෙනු ඇත.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම