‘ නැගෙනහිර ප්‍රදේශවල දත්ත බස්නාහිර ප්‍රදේශවලදී සකස් කිරීමේ ව්‍යාපෘතිය ’ චීනය ප්‍රශස්තව ක්‍රියාවට නංවයි
2022-05-05 15:38:19
Share with:

 ‘ නැගෙනහිර ප්‍රදේශවල දත්ත බස්නාහිර ප්‍රදේශවල දී සකස් කිරීමේ ව්‍යාපෘතිය ’ චීනය ප්‍රශස්ත ලෙස ක්‍රියාත්මක කරයි.

මෙම වසරේ සිට, නව පරපුරේ සුපිරි පරිගණකකරණය, Cloud පරිගණකකරණය, කෘත්‍රිම බුද්ධිමය වේදිකා, බ්රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් ගොඩනැංවීම චීනය සැලසුම් කර තිබේ. ඒ යටතේ, ජාතික දත්ත මධ්‍යස්ථාන සමූහ 10ක් සඳහා අලුතින් ආරම්භ කෙරුණු ව්‍යාපෘති සංඛ්‍යාව 25කි. ඒ සඳහා ආයෝජනය කෙරුණු වටිනාකම යුවාන් බිලියන 190කට අධික ය. ඉන්, බටහිර ප්‍රදේශ සඳහා ආයෝජන වටිනාකම පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂ ව 6 ගුණයකින් වැඩි වී ඇත. ආයෝජනය සඳහා නැගෙනහිර ප්‍රදේශවල සිට බස්නාහිර ප්‍රදේශවලට මාරු වීමේ මනා ප්‍රවණතාවක් එමගින් පිළිබිඹු කෙරේ.

14වැනි පස් අවුරුදු සමය, එනම් 2021 වසරේ සිට 2025 වසර දක්වා මහා දත්ත මධ්‍යස්ථාන සඳහා සිදුකෙරෙන ආයෝජන වටිනාකම වාර්ෂික ව 20%කට අධික සංඛ්‍යාවකින් වර්ධනය වනු ඇත. එහි සමස්ත ආයෝජන වටිනාකම යුවාන් ට්‍රිලියන 3 ඉක්මවා යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම