අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තය ශක්තිමත්ව ඉදිරියට
2022-05-04 16:21:07
Share with:

දේශීය වශයෙන් ඇති අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තය ශක්තිමත්ව අඛණ්ඩව සිය මෙහෙයුම් සිදු කරමින් සිටින බව ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. වසර පුරා මෙම ප්‍රගතිය පවත්වාගෙන යාම අරමුණයි. මෙරට ආර්ථික අර්බුදයට එරෙහිව සටන් කිරීමට සහ ස්ථාවරත්වයට ශක්තිමත් අභ්‍යන්තර පද්ධතියක් ඇති කර ගැනීම අවශ්‍ය වෙයි. ඒ සඳහා මනාව සකස් කළ උපායමාර්ගයක් අවශ්‍ය බව එම සංගමය කියා සිටී. වර්තමානයේ දී ඇඟලුම් කර්මාන්ත ශාලා 300 ක් රටේ තිබේ. ඉකුත් වසරේ දී ඒවායින් ඩොලර් බිලියන 5 යි දශම 4 ක අපනයන ආදායමක් ලැබී ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම